ඔස්ට්‍රේලියානු වීසා සඳහා පවුලේ සාමාජිකයන් එක් කිරීමේ ක්‍රමවේදය නොවැම්බර් 19 සිට වෙනස් කර ඇති බව ඔබ දන්නවාද? (SBS සිංහල /වාර්තා)

මෙම වෙනස ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා උප ඛාණ්ඩ සඳහා මෙන්ම ඇතැම් තාවකාලික වීසා උප ඛාණ්ඩ සඳහා බලපාන නමුත් සරණාගත, මානුෂීය සහ රැකවරණ වීසා සඳහා බල නොපාන බව ද සඳහන්.

Family

This image is for representation only. Source: Flickr

ඔස්ට්‍රේලියාවේ ඇතැම් වීසා අයදුම් කිරීමේදී ප්‍රධාන අයදුම්කරු හට තම පවුලේ සාමාජිකයන්ද අදාළ අයදුම් පතට එක කිරීමට හැකියාවක් ඇත. මෙම පහසුකම “member of the family unit’ හෙවත් MoFU යන අංශය යටතේ ඉදිරිපත් කර තිබේ.

නමුත් 2016 වසරේ නොවැම්බර් මස 19 වන දින සිට “member of the family unit’ හෙවත් MoFU යන අංශයේ වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව නිවෙදනය කරයි.

එනම් 2016 වසරේ නොවැම්බර් මස 19 වන දින සිට “member of the family unit’ හෙවත් MoFU යටතේ ප්‍රධාන අයදුම්කරු හට තම අයදුම් පතට ඇතුළත් කළ හැකි වන්නේ සෘජු පවුල් සම්බන්ධයක් ඇති පවුලේ සාමාජිකයන් පමණකි.

මෙම වෙනස ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා උප ඛාණ්ඩ සඳහා මෙන්ම ඇතැම් තාවකාලික වීසා උප ඛාණ්ඩ සඳහා බලපාන නමුත් සරණාගත, මානුෂීය සහ රැකවරණ වීසා සඳහා බල නොපාන බව ද සඳහන්.

ඒ අනුව 2016 වසරේ නොවැම්බර් මස 19න් පසු පහත සඳහන් අය පමණක් ඔබගේ අයදුම් පතේ  “member of the family unit’ හෙවත් MoFU යටතේ එක් කිරීමට හැකියාව ලැබේ.

1.     භාර්යාව හෝ ස්වාමි පුරුෂයා (spouse)

2.     තත්ත්වාකාර සහකරු/සහකාරිය (de facto partner)

3.     දරුවා හෝ සුළු දරුවා (child or step child)

  • 18 ට සම්පූර්ණ නොවූ හෝ
  • 18 සම්පූර්ණ වූ නමුත් 23 සම්පූර්ණ නොවූ සහ මුල්‍යමය වශයෙන් ඔබෙන් හෝ ඔබගේ සහකරුගෙන් යැපෙන හෝ
  • 23 සම්පූර්ණ වූ සහ යම් ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ඔවුන් හට ආදායම් ඉපයීමට නොහැකි, ඔබෙන් හෝ ඔබගේ සහකරුගෙන් යැපෙන.


4.      ඉහත සඳහන් කුමන පදනමක හෝ සිටින දරුවන්ගේ හෝ සුළු දරුවන්ගේ දරුවන් (මුණුපුරන් හෝ මිණිපිරියන්)

විවාහ ගිවිසගෙන හෝ විවාහ වී හෝ තත්ත්වාකාර සහකරුවකු හෝ සහකාරියකු හෝ සිටීනම් එම දරුවන් “member of the family unit’ හෙවත් MoFU යටතේ එක් කිරීමට හැකියාව නොලැබේ.

මෙම වෙනස්කම් සිදු කිරීමට හේතු

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සහ පුරවැසිභාවය අයදුම් කරන පුද්ගලයන්ගේ වීසා අයදුම්පත් වල ඇතුලත් කර ඇති පවුලේ සාමාජිකයන් සැකසීම ස්ථාවර හා විධිමත් කිරීමට මෙම පියවර ගෙන තිබේ.

ඔබට අමතර තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම්

2016 නොවැම්බර් 18 වන දින සිට ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ නව තොරතුරු පෝරම දෙකක් ඇතුළත් කර ඇති අතර ඉන් ඔබට වැඩි විස්තර ලබා ගැනීමට හැකිය.

එම පෝරම දෙක පහත පරිදි වේ.

Form 1496i - ඔබගේ අයදුම් පතට ඔබේ පවුලේ සාමාජිකයන් ඇතුළත් කිරීම.

Form 1497i – ඔබගේ සරණාගත, මානුෂීය සහ රැකවරණ වීසා අයදුම් පතට පවුලේ සාමාජිකයන් ඇතුළත් කිරීම.

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”





 


Share
Published 28 November 2016 5:03pm
Updated 16 December 2016 3:24pm
By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service