නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උසස් පාසල් සහතික පත්‍ර පාඨමාලාව වෙනස් වෙයි. නව පාඨමාලාව 2018 සිට ක්‍රියාත්මකයි. (SBS සිංහල/වාර්තා)

වසර 20 කට පසුව සිදු කරන ලද මෙම පාඨමාලා ප්‍රතිසංස්කරණය හේතුවෙන් 2018 වසරේ සිට ඉන් ඉදිරියට නිව් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ HSC සිසුන් නව ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ඉතිහාසය යන විෂයයන් හදාරනු ඇත.

Representational picture of students going to school in Australia.

Representational picture of students going to school in Australia. Source: AAP

ප්‍රතිසංස්කරණය කරන ලද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Higher School Certificate (HSC) හෙවත් උසස් පාසල් සහතික පත්‍ර පාඨමාලාවේ ගණිතය සහ විද්‍යා විෂයයන් වැඩිපුර අන්තර්ගත වන අතර ඉංග්‍රීසි ලිවීම, ඔස්ට්‍රේලියාවේ බටහිර උරුමය පිළිබඳ ඉතිහාසය වැනි අංශ පිළිබඳවද වැඩි අවධානයක් යොමු කර ඇති බව වාර්තා වේ.

වසර 20 කට පසුව සිදු කරන ලද මෙම පාඨමාලා ප්‍රතිසංස්කරණය හේතුවෙන් 2018 වසරේ සිට ඉන් ඉදිරියට නිව් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ HSC සිසුන් ඉහත සඳහන් කළ නව ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ඉතිහාසය යන විෂයයන් හදාරනු ඇත.

මෙම වෙනස්කම් තුළින් අදාළ විෂයයන් වල විෂයය පථය අඩු කර සිසුන් හට වඩා ගැඹුරින් ඒවා පිළිබඳ සිතීමට අවකාශය ලබා දී ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අධ්‍යාපන ප්‍රමිති අධිකාරිය පවසයි.

"journeys" හෝ "belonging" යනාදී මාතෘකා යටතේ වගන්ති ඉගෙනීමට ඉංග්‍රීසි සිසුන් හට මින් පසුව අවශ්‍ය නොවන බවත් ඒ වෙනුවට එම වගන්ති වෙත වැඩි අවධානයක් යොමු කරවීමට පෙලඹවීම නව ප්‍රතිසංස්කරණ යට‍තේ සිදු කෙරේ.

සෑම ඉංග්‍රීසි පාඨමාලාවකම ඉංග්‍රීසි ලිවීම සඳහා අනිවාර්ය විෂයයක් ද පවතින බව පැවසේ.

ප්‍රථම වතාවට ගණිතය වැඩි දුරටත් හදාරන සිසුන් උදෙසා සංඛ්‍යා ලේඛන විද්‍යාව හඳුන්වා දී ඇති අතර එය රැකියාවේදී දත්ත මෙහෙයවීමේදී වඩාත් වැදගත් වනු ඇති බවද පැවසේ.

ඉහළ ATAR ලකුණු ලබා ගැනීම පිණිස ඇතැම් ගණිත සිසුන් පහසු පාඨමාලාවන් තෝරාගැනීම සිදු කෙරෙමින් පැවතුනු අතර මින් අනතුරුව එසේ සිදුවීමට ඉඩ නොතබන බවද වාර්තා වේ.

සිසුන්ගේ ගණිතමය හැකියාවන් උසස් මට්ටමකට ගෙන ඒමට මෙම නව ලකුණු පද්ධතිය වග බලාගන්නා බවද සඳහන්.

“ඔබ කැමති පාඨමාලාව ඔබට හැකි උපරිමයෙන් කිරීමට වග බලාගන්න.” නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අධ්‍යාපන ප්‍රමිති අධිකාරියේ විෂයය මාලා හා ඇගයීම් අධ්‍යක්ෂ Paul Hewitt, AAP වෙත පැවසීය.

විද්‍යාව සඳහා ගණිතය සහ ප්‍රමාණාත්මක විශ්ලේෂණය පිළිබඳ වැඩි අවධානයක් යොමු වෙයි.

භෞතික විද්‍යා විෂයය මාලාව බොහෝ දුරට ගැහැණු ළමුන් හට වෙන්වූ විෂයය මාලාවක් වී ඇතැයි රටෙහි ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින් එල්ල කළ විවේචන හමුවේ මෙම වෙනස්කම සිදු කිරීමට පියවර ගත් බව සඳහන්.

ප්‍රංශ සහ කාර්මික විප්ලව යන මාතෘකා යටතේ ඔස්ට්‍රේලියාවේ බටහිර උරුමය පිළිබඳ ඉතිහාසයෙහි ඇති වැදගත්කම උගන්වයි.

විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධය පිළිබඳ යුරෝපය කේන්ද්‍ර කරගනිමින් පමණක් නොව ආසියාවේ ඇසින්ද බැලීමට පුහුණු කළ යුතු බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අධ්‍යාපන ප්‍රමිති අධිකාරියේ විෂයය මාලා හා ඇගයීම් අධ්‍යක්ෂ Paul Hewitt පැවසීය.

ආසියානු ඉතිහාසය හා ආසියානු සියවසේ ඔස්ට්‍රේලියාවේ භූමිකාව පිළිබඳවද ඉගෙනීමට මෙමගින් සිසුන් හට වැඩි අවස්ථාවක් හිමි වනු ඇත.

විශ්ව විද්‍යාල හා රැකියා ජීවිත ඉලක්ක කරගනිමින් මෙම වෙනස්කම් සිදු කර තිබේ.

ඔවුන්ට ඔවුන් දන්නා අංශයෙන් අයදුම් කිරීමට හැකි අතර ඔවුන් කුමන අංශය තෝරා ගනු ලැබුවද අනාගතයේදී ස්ථාවර වීමට මෙමගින් උපකාරී වන බවද Paul Hewitt පෙන්වා දෙයි.

Share
Published 27 February 2017 9:46am
Updated 27 February 2017 9:48am
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service