ඔස්ට්‍රේලියාවේ නිවාස තැන්පතු සඳහා superannuation අරමුදල භාවිත කිරීමට හැකිද? (SBS සිංහල/වාර්තා)

Superannuation අරමුදල ලබා ගනිමින් නිවෙසක් මිලට ගැනීමට සැලසීම හේතුවෙන් බොහෝ පුද්ගලයින් හට නිවාස මිලට ගැනීමට හැකියාවක් ඇති වන අතර ඉල්ලුම ඉහළ යන බැවින් මිල ඉහල යනු ඇත.

Should we be allowed to use superannuation on house deposits?

Source: www.troyonfriday.blogspot.com.au

ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ පිළිබඳ මේ දිනවල නිරන්තර කතා බහට ලක්වන්නේ දිනෙන් දින ඒ පිළිබඳ කුමක් හෝ අලුත් දෙයක් අසන්නට ලැබෙන නිසාවෙනි.

එළඹෙන මැයි මාසයේ අය-වැයෙන්, ඔස්ට්‍රේලියාවේ නිවාසයක් හිමි කර ගැනීමේ හැකියාව ඉහළ නැංවීමට රජය කුමන තීරණයක් ගනු ඇතිදැයි සැවොම බලා සිටියි.

ඔස්ට්‍රේලියාවේ පළමු නිවාසය මිලදී ගැනීමේදී ඒ සඳහා මූලික ප්‍රතිපාදන සපයා ගැනීම උදෙසා අදාළ ගැනුම්කරුවන්ගේ superannuation අරමුදල යොදවා ගත හැකි බව ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාර නියෝජ්‍ය අමාත්‍ය Michael Sukkar, Sky පුවත් සේවයට පැවසීය.

මෙය අසූ පළමු වතාව මෙය නොවෙයි.

1992 වසරේ පටන් Superannuation ඔස්ට්‍රේලියාව තුළ අනිවාර්ය වූ අතර ඒ සඳහා පුද්ගලයින්ගේ දායක කොටස නිවසක් මිලදී ගැනීමේදී භාවිතා කළ හැකි බවට එතැන් පටන් යෝජනා කෙරුණි.

මෙම අදහස ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ Paul Keating විසින් ඉවත දැමු නමුත් මෑත වසර වලදී එය ක්‍රියාත්මක කළ යුතු යෝජනාවක් බවට ප්‍රමුඛ පෙළේ දේශපාලකයින් කිහිප දෙනෙකුම පවසා ඇත.

2015 වසරේදී භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ Joe Hockey සහ නියෝජ්‍ය අග්‍රාමත්‍ය Barnaby Joyce පසුගිය වසරේදීද මෙම යෝජනාව සිදු කර තිබේ.

නමුත් වර්තමාන අගමැතිවරයා සහ භාණ්ඩාගාරික අමාත්‍යවරයා මීට පෙර මෙය ප්‍රතික්ෂේප කර තිබුණි.

මෙය ඇත්ත වශයෙන්ම නරක අදහසක් බව මැල්කම් ටර්න්බුල් 2015 වසරේදී පැවසීය.

තීරණය කොයිබටද?

නිවෙසක් මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට මූලික මුදල් මහජනයා සතුව ඇති බව විශ්වාස කෙරෙන බැවින් superannuation අරමුදල විසින් මෙසේ මහජනයාගේ තැන්පත් මුදල් වලට ඇත තැබීමට ඉඩ නොදෙන බව පැවසේ.

නමුත් රජයේ පාර්ශවයෙන් බලන කළ නිවාසයක් හිමි කරගැනීමේ ගැටලුවේදී superannuation අරමුදලේ සතු මුදල් භාවිත කිරීමට මහජනයාට ඉඩ ලබා දිය යුතු බව පැවසේ.

නිවාස මිලදී ගැනීම දැරීම වැඩි වීම මෙමගින් සිදු නොවීම ගැටලුව වේ.

ඔබ සැපයුම වැඩි නොකර ඉල්ලුම පමණක් වැඩි කළ හොත් අනිවාර්යෙන්ම මිල ඉහළ යනු ඇත.

Superannuation අරමුදල ලබා ගනිමින් නිවෙසක් මිලට ගැනීමට සැලසීම හේතුවෙන් බොහෝ පුද්ගලයින් හට නිවාස මිලට ගැනීමට හැකියාවක් ඇති වන අතර ඉල්ලුම ඉහළ යන බැවින් මිල ඉහල යනු ඇත.

එමෙන්ම, මෙමගින් superannuation අරමුදල අකාර්යක්ෂම වීමට ද ඉඩ ඇත.

2013/2014 සමයේ වයස අවුරුදු 30 ත් 34 ත් අතර පිරිමියෙකුගේ superannuation සාමාන්‍ය තැන්පතුව ඩොලර් 36,400 ක් පමණ වූ අතර කාන්තාවකගේ එය ඩොලර් 25,550 ක් පමණ විය.

ඔබ මෙල්බන් හෝ සිඩිනි නුවර වාසය කරන අයෙකු නම් ඔබගේ superannuation තැන්පතුව වඩා සරු එකක් විය යුතුය.

ඔබ ඔබේ superannuation අරමුදලට අත නොගසා සිටියහොත් ඔබ විශ්‍රාම යන මොහොතේදී ඔබට සැලකිය යුතු මුදලක් ඔබේ superannuation අරමුදලේ තැන්පත් වී තිබෙනු ඇත.

නමුත් ඔබ මෙම තැන්පතුව පෙරාතුව වියදම් කළහොත් ඔබට ඔබේ දේපළ මත වැඩියෙන් යැපීමට සිදුවේ.

අප දැනටමත් නිවාස මත යැපෙනවා වැඩිය.

ඔබ ඔබේ ධනවත් බව ඔබේ නිවාස මත පවත්වාගෙන යනවා නම් ඔබ බොහෝ අවදානමක් ගන්නා අයෙකි.

ඔබ මෙල්බන් හෝ සිඩිනි නුවර වාසය කරන අයෙකු නම් මෙය වර්තමානයේ විශ්වාස කිරීමට අපහසුය.

නිවාස වෙළෙඳ පොළ පසු බැසීමට පහත සඳහන් කරුණු බලපානු ලබයි.

  • ගෝලීය පොලී අනුපාතික ඉහළ නැගීම.
  • ණය ලබා දීමේ ප්‍රමිතිය මධ්‍යම බැංකුව විසින් දැඩි කිරීමට අවධානය යොමු කිරීම.
  • විදේශ ගැනුම්කරුවන් පිළිබඳ තහංචි ඉදිරිපත් කිරීම.
  • චීනයෙන් මුදල් පිට කිරීම.
ලෝකයේ මිල අධිකම නිවාස වෙළෙඳ පොළ ඔස්ට්‍රේලියාවේ පවතියි.

ඔබේ superannuation අරමුදලේ ඇති මුදල් පවතින්නේ, අත් පිට මුදල් ලෙසට නොවන බව සිහිපත් කරගත යුතුවේ.

එම අරමුදලෙන් නොයෙක් ආයෝජනයන් කරනු ලබයි.

එකම බදුනකට බිත්තර සියල්ල නොදමන්න යනුවෙන් පැරණි කියමනක් ඇත. ඒ ආකාරයෙන් නිවෙසක් මිලට ගැනීමට ඔබ සතු සියලු තැන්පතු යොදා නොගන්න.

Share
Published 15 March 2017 10:11am
Updated 15 March 2017 4:50pm
By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service