කොරෝනා වසංගතය නිසා ඔබේ ගුවන් ගමන අවලංගු කිරීමට සිදුවූවා නම් ඔබේ අයිතීන් මෙන්න (SBS සිංහල/ වාර්තා)

Coronavirus airlines

Source: Getty Images

තවමත් ක්‍රියාත්මක වන කොරෝනා වසංගතය ඔස්ට්‍රේලියාවේ පමණක් නොව ලොව පුරා සිටින සංචාරකයින්ට ගැටළු රැසක් මතු කරමින් සිටියි.

කොරෝනා වසංගතය යටතේ ලෝකයේ බහුතරයක් රටවල දේශ සීමාවන් වසා දැමීම, සංචාරක තහනම් සහ අනෙකුත් සීමා පැනවීම් නිසා දහස් ගණන් සංචාරකයින්ගේ නිවාඩු සංචාර හා අනෙකුත් රාජාකාරී සංචාර අවලංගු කිරීමට සිදුව ඇත.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 

මේ අතරේ ගුවන් ගමන් වෙන් කලින් වෙන් කරවාගත් ගුවන් මගීන් ට තම ගුවන් ගමන් අවලංගු වීම නිසා ගෙවූ මුදලම යලි නොලැබීමේ ගැටළු මතුව පවතී.

මෙවන් තත්ත්වයකදී ගුවන් මගීන්ගේ හිමිකම් මොනවාද යන්න මෙම ලිපියෙන් විස්තර කෙරේ.
A deserted Terminal 2 (Domestic) at Perth Airport
A deserted Terminal 2 (Domestic) at Perth Airport Source: AAP

සම්පූර්ණ මුදල් ආපසු ලබා ගැනීමට ඔබට හිමිකමක් තිබේද?

කොරෝනා වසංගතය නිසා කෙනෙකුගේ ගුවන් ගමන් හෝ නිවාඩු සංචාර අවලංගු වී ඇත්නම් ඔවුන්ට ඒ සඳහා ගෙවූ මුදල් ආපසු ලබා ගැනීම විවිධ තත්ත්ව මත වෙනස් වේ.

අදාළ ගුවන් ටිකට් පතේ ඇති කොන්දේසි මත එය බොහෝ දුරට තීරණය කෙරෙන බව Australian Competition and Consumer Commission (ACCC ) හෙවත් ඔස්ට්‍රේලියානු තරගාකරී හා පාරිභෝගික කොමිසමේ සභාපති  Rod Sims, SBS  පුවත් වෙත පැවසීය.

කවුරුන් හෝ මෙම වසංගත සමයේදී ගුවන් ගමනක් වෙන් කර ඇත්නම් එය වෙන් කළ දිනයේ සිට අදාළ ගුවන් සේවයේ කොන්දේසි වලට අනුගත වන බව ඔහු පැවසීය.

නමුත් මෙම තත්ත්වය යටතේ ගුවන් ගමන් අවලංගු වීම නිසා ගුවන් ටිකට් පත් සඳහා ගෙවූ මුදල් නැවත ලබා ගැනීම ඉතාම සංකීර්ණ වී තිබේ.

යම් අයෙකු සංචාරක ඒජන්තවරයෙකු හරහා තම ගුවන් ටිකට් පත මිලදී ගෙන ඇත්නම් එය අවලංගු කර නැවත මුදල් ලබා ගැනීමට නම් එම පුද්ගලයාට සෘජුව ගුවන් සේවය ඇමතීමට නොහැකි අතර අදාළ සංචාරක ඒජන්තවරයාම සම්බන්ධ කරගනිමින් මෙය විසඳා ගත යුතුය.
Coronavirus
Source: AAP

වවුචරයක් හෝ ණයවරයක් (credit) ලබා ගැනීමට හැකිද?

ඇතැම් ගුවන් සේවා අවලංගු කරන ගුවන් ටිකට් පත් සඳහා මුදල් ලබා නොදෙන අතර ඒ වෙනුවට එම ගුවන් සේවයටම අදාළ සේවා ලබා ගැනීම සඳහා වන වවුචරයක් හෝ ණයවරයක් ලබා දෙයි.

එහිදී මුදල් නැවත ලබා ගැනීම වෙනුවට වවුචරයක් හෝ ණයවරයක් ලබා ගැනීමේදී පාරිභෝගිකයින් අදාළ කොන්දේසි පිළිබඳ කියවා මනාව අවබෝධ කරගත යුතු බව මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Jeannie Paterson පැවසුවාය.

තමන්ගේ අවලංගු වූ සංචාරය යළි ඉක්මණින්ම යාමේ අදහසක් ඇති ගුවන් මගීන්ට මෙම වවුචරය හෝ ණයවරය හොඳ විකල්පයක් බව ඇය පෙන්වා දෙයි.

නමුත් පවතින වසංගත තත්ත්වය හමුවේ ලෝකයම යථා තත්ත්වයට පත්වන්නේ කෙදිනදැයි තවමත් අවිනිශ්චිත බැවින් අවලංගු කළ සංචාර නැවත යොදාගන්නා දින වකවානු පිළිබඳ දැන්ම තීරණය කිරීමට අපහසුය.
An empty Virgin Australia check-in area at Brisbane domestic airport
Source: AAP

ඔස්ට්‍රේලියානු ගුවන් සේවා පාරිභෝගිකයින්ට ලබා දෙන්නේ මොනවාද?

කොරෝනා අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas ගුවන් සේවය තම ගුවන් ටිකට් පත් අවලංගු කිරීමේදී බලපාන කොන්දේසි ලිහිල් කර තිබේ.

කොරෝනා වසංගතය නිසා ඔබේ ගුවන් ගමන අවලංගු කිරීමට සිදුවී ඇත්නම් ඔබේ ඉල්ලීම මත ඔබේ ගුවන් ටිකට් පතේ මුදල් ආපසු ඔබට ලබා දීමට Qantas ගුවන් සේවය පියවර ගෙන තිබේ.

එමෙන්ම ජූලි 31 ට පෙර පිටත්වීමට නියමිත අවලංගු නොවූ ගුවන් ගමන් වල යාමට අපේක්ෂාවෙන් සිට තම ගුවන් ගමන අවලංගු කිරීමට තීරණය කළ පාරිභෝගිකයින් සඳහා වවුචර ලබා දීමට ඔවුන් තීරණය කර ඇත.

එම වවුචර 2021 අවසානය වන තුරු වලංගු වන අතර එහි වටිනාකම පෙර ගුවන් ටිකට් පත සඳහා ඔබ ගෙවූ මුදලම වේ.

නමුත් Jetstar හෝ Qantas’ low-cost carrier ගුවන් සේවා වල නම් ඔබට බොහෝ විට මුදල් ආපසු නොලැබෙන අතර ඒ සඳහා travel credit හෙවත් සංචාරක ණයවර ලැබෙනු ඇත.

ජූලි 31 ට පෙර පිටත්ව යාමට නියමිතව ඇති Jetstar ගුවන් ගමන් අවලංගු කරන මගීන් හට travel credit ලබා දීමට මේ වන විට පියවර ගෙන තිබේ.

එම වවුචරය මාස 12 ක් වලංගු වන අතර මීට පෙර ගුවන් ටිකට් පත වෙන් කළ දිනයේ පටන් මාස 12 ක් ඇතුළත යෙදෙන ගුවන් ගමනක් සඳහා එය වලංගුය.

මේ අතර ජුනි 30 ට පෙර පිටත්ව යාමට නියමිතව ඇති Virgin සහ Tiger Air ගුවන් ගමන් අවලංගු කරන මගීන් හට ද  travel credit ලබා දීමට මේ වන විට පියවර ගෙන තිබේ.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 29 April 2020 5:35am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service