අඩු වියදම් ගුවන් සේවාවල ගමන් කිරීමට පෙර දෙවරක් සිතන්න. (SBS සිංහල/වාර්තා)

ගුවන් ගමනක යෙදෙන විට තම තමන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම තමන් බාරගත යුතු බවත් ගුවන් ගමනක ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට පෙර ගුවන් සේවා වර්ගීකරණ වෙබ් අඩවි වලට පිවිස පිරක්සන මෙන් ද Strategic Aviation Solutions හි සභාපති සහ ගුවන් සේවා විශේෂඥ Neil Hansford පැවසීය.

AirAsia incident prompts expert warning on booking budget air travel

Source: EPA

මැලේසියාව බලා ගමන් කරමින් සිටි AirAsia ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පසුගිය ඉරිදා (25/06) කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේම පර්ත් ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීමේ සිදුවීමත් සමග budget airlines හෙවත් අඩු වියදම් ගුවන් සේවා වල ගමන් කිරීමට පෙර දෙවතාවක් සිතන මෙන් ඔස්ට්‍රේලියාවේ සියලු ගුවන් මගීන් හට Strategic Aviation Solutions ආයතනය උපදෙස් ලබා දෙයි.

අදාළ ගුවන් යානය ඉහළ අහසේ පියාසර කරමින් සිටියදී එය වෙව්ලීමට ගත් බවත් ඊට ප්‍රථම තමන්ට විශාල පිපිරුමක ශබ්දයක් ඇසුණු බවත් එහි සිටි ගුවන් මගීන් දැනුම් දුන්නේය.

මේ අතර අදාළ ගුවන් යානය නැවතත් පර්ත් තොටුපොළ බලා හරවා ගමන් ආරම්භ කළ ගුවන් නියමුවා යානය කරදරයකින් තොරව ගොඩ බස්වා ගැනීමට යාච්ඤා කරන මෙන් දැනුම් දුන් බව ඇතැම් මගීන් පවසයි.

ගුවන් ගමනක යෙදෙන විට තම තමන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම තමන් බාරගත යුතු බවත් ගුවන් ගමනක ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට පෙර ගුවන් සේවා වර්ගීකරණ වෙබ් අඩවි වලට පිවිස පිරක්සන මෙන් ද Strategic Aviation Solutions හි සභාපති සහ ගුවන් සේවා විශේෂඥ Neil Hansford පැවසීය.
“කණගාටුවෙන් වුවත් කිව යුතුයි ඔස්ට්‍රේලියනුවන් සෑම විටම සිතන්නේ තමන්ගේ පොකට්ටුව ගැන, ඔලුව ගැන නෙමෙයි. කෙනෙක්ට කියන්න පුළුවන් වර්ගීකරණයෙන් ඉහළ ගුවන් සේවයක ගමන් කරනවාට වඩා අඩු වියදම් ගුවන් සේවයක යාමෙන් තමන්ට අඩු මුදලකට ගමන් කළ හැකි බව. නමුත් ඔය දෙක අතර ඇති වෙනස සාමාන්‍යයෙන් ඩොලර් 200 ක් විතර ඇති. ඉතින් තමන්ගේ ජීවිතේ වටින්නේ ඩොලර් 200 ක්ද?” Hansford ප්‍රශ්න කරයි.
මේ අතර අදාළ ගුවන් යානයේ නියමුවා එම AirAsia යානය පර්ත් තොටුපොළට ගොඩ නොබස්වා බටහිර ඔස්ට්‍රේලියාවේ Learmonth ගුවන් කඳවුරට යානය ගොඩ බැස්වීමට කටයුතු කළ යුතුව තිබුන බවද Hansford පෙන්වා දෙයි.

කෙසේවෙතත්, ඉරිදා රාත්‍රියේදී අදාළ ගුවන් මගීන්ට වෙනත් ගුවන් යානයකින් මැලේසියාව බලා යාමට අවස්ථාව සලසා දී තිබුණි.

වගකීම කාටද?

ඉරිදා සිදුවූ මෙම සිදුවීම පිළිබඳ තමන් විමර්ශනය කරන බවත් අදාළ යානයේ එන්ජිමක් ක්‍රියා විරහිතවූ බව තමන්ට වාර්තා වූ බවත් ඔස්ට්‍රේලියානු ගමනාගමන ආරක්ෂණ අධිකාරිය පවසයි.

මේ අතර ඔස්ට්‍රේලියානු ගමනාගමන ආරක්ෂණ අධිකාරිය  හා දෝෂය හටගත් AirAsia යානයේ  එන්ජිම නිෂ්පාදනය කළ Rolls-Royce සමගම සමග එක්ව තමන්ද මීට හේතුව සොයා බලන බව AirAsia ගුවන් සේවය නිකුත් කළ නවතම නිවෙදනයේ සඳහන්.

AirAsia ගුවන් සේවය ඔස්ට්‍රේලියාව තුළ දේශීය ගුවන් අධිකාරී මගින් සිදු කරනු ලබන සියලුම තත්ත්ව පරීක්ෂණ සැමවිටම සමත්ව තිබෙන බවද වාර්තා වේ.

Share
Published 27 June 2017 1:06am
Updated 27 June 2017 1:16am
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service