සිඩ්නි කලාපයට වසා දමා තිබූ වික්ටෝරියානු ප්‍රාන්ත සීමා විවෘත කෙරේ (SBS සිංහල/ වාර්තා)

Cumberland නගර සභා කලාපය හැර Greater Sydney කලාපයේ සියලුම නගර සභා සීමාවන් අද (22/01) පස්වරු 6 සිට රතු පැහැති ඛාණ්ඩයෙන් තැඹිලි පැහැති ඛාණ්ඩයට මාරු කෙරෙනු ඇත.

NSW authorities continue to urge people to be tested for coronavirus.

NSW has recorded zero new local COVID-19 cases in the 24 hours to 8pm on Thursday. (AAP) Source: AAP

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවූ 4 වන දිනය වාර්තා වීමත් සමග සිඩ්නි කලාපයට වසා දමා තිබූ වික්ටෝරියානු ප්‍රාන්ත සීමා යළි විවෘත කෙරේ.

ඒ අනුව Cumberland නගර සභා කලාපය හැර Greater Sydney කලාපයේ සියලුම නගර සභා සීමාවන්, Wollongong හා Blue Mountains යන කලාප අද (22/01) පස්වරු 6 සිට රතු පැහැති ඛාණ්ඩයෙන් තැඹිලි පැහැති ඛාණ්ඩයට මාරු කෙරෙනු ඇත.

Cumberland නගර සභා කලාපය පමණක් තවමත් රතු ඛාණ්ඩයේ පවතී.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

කොරෝනා අවදානම අනුව ඔස්ට්‍රේලියාවේ නගර රතු, තැඹිලි සහ කොළ ලෙස ඛාණ්ඩ කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය පසුගිය සතියේ සිට පියවර ගත්තේය.

ඉහළ කොරෝනා අවදානමක් ඇති නගර රතු ලෙසත් කොරෝනා අවදානම මද වශයෙන් ඇති නගර තැඹිලි ලෙසත් කොරෝනා අවදානම නොමැති නගර කොළ ලෙසත් ඛාණ්ඩ කර තිබේ.

තැඹිලි පැහැති කලාප වලින් වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණෙන සංචාරකයින් වික්ටෝරියානු ප්‍රාන්තයට ඇතුළුවීමට අවසර පත්‍රයක් සඳහා ඉල්ලුම් කළ යුතු අතර වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණ පැය 72 ක් ඇතුළත කොරෝනා පරීක්ෂාවක් සිදුකරගත යුතුය.


Highlights

  • Cumberland නගර සභා කලාපය හැර Greater Sydney කලාපයේ සියලුම නගර සභා සීමාවන්, Wollongong හා Blue Mountains යන කලාප අද (22/01) පස්වරු 6 සිට රතු පැහැති ඛාණ්ඩයෙන් තැඹිලි පැහැති ඛාණ්ඩයට මාරු කෙරේ.
  • Cumberland නගර සභා කලාපය පමණක් තවමත් රතු ඛාණ්ඩයේ පවතී.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය කලාප අද පස්වරුවේ සිට කොළ පැහැති ඛාණ්ඩයට මාරු කෙරේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය කලාප කොළ ඛාණ්ඩයට

නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය කලාප අද පස්වරුවේ සිට කොළ පැහැති ඛාණ්ඩයට මාරු කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පැවසීය.

ඒ අනුව එම කලාප වලින් වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන සංචාරකයින් හට කිසිදු සීමාවක් නොපැනවේ.

"වික්ටෝරියානු ප්‍රාන්තයේ තම නිවෙස් වලට පැමිණ ග්‍රීෂ්ම නිවාඩුව ගත කිරීමට අපේක්ෂාවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිටින බොහෝ දෙනෙකුට මෙය සුබ පුවතක් වනු ඇති." යනුවෙන් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කිසිදු ආසාදිතයෙකු නැහැ

ඊයේ රාත්‍රී 8 න් අවසන් වූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවූ බව වාර්තා වේ.

නමුත් විදෙස් රටවල සිට සිඩ්නි නුවරට පැමිණ හෝටල් නිරෝධායනයේ නියුතුව සිටින පුද්ගලයෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා විය.

තත්ත්වය එසේ සුබදායී වුවද රෝග ලක්ෂණ මද වශයෙන් ඇත්නම් පවා කොරෝනා පරීක්ෂාවන් සිදුකරගන්නා ලෙස NSW Health හි වෛද්‍ය Jeremy McAnulty ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටියි.

Warriewood අපජල බලාගාරයකදී කොරෝනා වයිරසයේ කොටස් අනාවරණය වීමෙන් පසුව ඔහු මෙම ඉල්ලීම කර තිබේ.

නිව් සවුත් වේල්ස් හි මෑතදී ප්‍රජාව අතර ඇතිවූ කොරෝනා ආසාදන වලට ප්‍රධානතම හේතුව මෙය බව බලධාරීහු විශ්වාස කරති.

පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.




Share
Published 22 January 2021 3:50pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service