ඔස්ට්‍රේලියාවේ 489 වීසා 2019 සැප්තැම්බර් 10 වන දිනෙන් අහෝසි කෙරේ. (SBS සිංහල/වාර්තා)

489 Visa

Source: SBS

ඔස්ට්‍රේලියාවේ Skilled Regional (Provisional) වීසා හෙවත් 489 වීසා උප ඛාණ්ඩය සඳහා නිර්දේශ කිරීමට මෙන්ම ඒ සඳහා ආරාධනා පත්‍ර නිකුත් කිරීමට හැකි අවසාන දිනය 2019 සැප්තැම්බර් 10 වන දිනෙන් අවසන් වන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටුයුතු දෙපාර්තමේන්තුව පවසයි.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 

2019 නොවැම්බර් මාසයේ පටන් හඳුන්වා දීමට නියමිත නව ප්‍රාදේශීය වීසා හේතුවෙන් මේ පියවර ගත් බව වාර්තා වේ.
489 Visa
Source: Department of Home Affairs

489 වීසා අවසන් වන අයුරු

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරටරි වලින් නිකුත් කරනු ලබන Skilled Regional (Provisional) වීසා හෙවත් 489 වීසා උප ඛාණ්ඩය සඳහා නිර්දේශ කිරීම් සහ ආරාධනා පත්‍ර නිකුත් කිරීම එළඹෙන සැප්තැම්බර් 10 වන දිනෙන් අවසන් වේ.

ඒ අනුව 2019 සැප්තැම්බර් 10 වන දිනට පෙරාතුව ලැබෙන සියලුම 489 වීසා EOI අවසන් අදියරේදී සලකා බැලෙන බව වාර්තා වේ.

මේ වන විට 489 වීසා අයදුම්පතක් සලකා බැලීමට සති 12ක මධ්‍යන කාලයක් වැය වන බව සඳහන්.
එනිසා යම් අයදුම්කරුවෙකු 489 වීසා සඳහා අයදුම් කිරීමට සූදානම් වේ නම් තම අයදුම්පත හැකිනම් අගෝස්තු මාසය වන විට යොමු කිරීම වඩාත් යෝග්‍ය බව ටස්මේනියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මන්ද 489 වීසා අයදුම්පතක් සලකා බැලීමට සති 12ක පමණ කාලයක් ගතවන බැවින් 2019 සැප්තැම්බර් 10 වන දිනට පෙරාතුව ඒ සඳහා නිර්දේශ ලබාදීමට ඒ අනුව පහසුවෙන් හැකිවනු ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
澳洲有二百萬人是拿臨時簽證的移民勞工。
澳洲有二百萬人是拿臨時簽證的移民勞工。 Source: Flickr
මේ අතර 489 වීසා සඳහා ආරාධනා පත්‍ර ලැබූ අයදුම්කරුවන් හට 489 වීසා සඳහා අයදුම් කිරීමට හැකි අවසන් දිනය 2019 නොවැම්බර් 15 වන දින බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටුයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ආරාධනා පත්‍ර හිමි වුවද 2019 නොවැම්බර් 15 වන දිනෙන් අනතුරුව ලැබෙන කිසිදු 489 වීසා අයදුම් පතක් ඒ අනුව සලකා නොබැලේ.

489 වීසා හරහා ඔබට ඔස්ට්‍රේලියාව තුළ වසර 4 ක කාලයක් වාසය කිරීමට අවස්ථාව හිමිවන අතර එම කාලය තුළදී පූර්ණ කාලීනව රැකියා කිරීමටද අවස්ථාව සැලසේ.

එමෙන්ම මේ හරහා අදාළ කොන්දේසි සැපිරීමෙන් අනතුරුව ඔබට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ද අයදුම් කිරීමට හැකියාව ලැබේ.
489 Visa
Source: Flickr

නව 491 වීසා

2019 නොවැම්බර් 16 වන දින සිට ඔස්ට්‍රේලියාවේ නවතම ප්‍රාදේශීය වීසා වර්ගය වන Skilled Work Regional (Provisional) වීසා හෙවත් නව 491 වීසා උප ඛාණ්ඩය ක්‍රියාත්මක වීම ආරම්භ වේ.

ඒ අනුව එළඹෙන නොවැම්බර් 16 වන සිට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරටරි සඳහා 491 වීසා උප ඛාණ්ඩය වෙත අයදුම් කිරීමට ඔබට හැකියාව ලැබේ.

මෙම නව 491 වීසා උප ඛාණ්ඩය මෙතෙක් ක්‍රියාත්මක වන 489 වීසා උප ඛාණ්ඩය ප්‍රතිස්ථාපනය කරනු ඇත.

මෙම නව 491 වීසා සඳහා වසරකට 14,000 ක කෝටාවක් වෙන් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.
මෙම වීසා වර්ගය සඳහා අයදුම් කිරීමට ප්‍රාන්ත හෝ ටෙරටරි රජයක නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අදාළ ලකුණු සංඛ්‍යාව සම්පූර්ණ කළ යුතුව ඇති අතර එසේ නොමැති නම් අයදුම්කරුගේ සුදුසුකම් ලත් පවුලේ සාමාජිකයෙකු අදාළ ප්‍රාදේශීය කලාපයේ වාසය කළ යුතු වේ.

මෙම නව 491 වීසා සඳහා අයදුම් කිරීමටනම් ඔබ වයස අවුරුදු 45 ට වඩා අඩු විය යුතුය.
489 Visa
Source: SBS Sinhala

Share
Published 15 July 2019 10:34am
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service