පසුගිය වසරේ කැපී පෙනෙන ලෙස නිවාස මිල කඩා වැටුණු ඔස්ට්‍රේලියාවේ උප නගර මෙන්න. (SBS සිංහල/වාර්තා)

Australian Housing Market

Source: AAP

ඔස්ට්‍රේලියාවේ ලිබරල් පක්ෂයට බලය හිමි මැතිවරණ ආසන වල පිහිටි උප නගර වල නිවාස මිල පසුගිය වසරේදී කැපී පෙනෙන ලෙස පහත බැස ඇති බව වාර්තා වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 


 

එහිදී ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර තීරයට යාබද කලාප වල පිහිටි උප නගර වල නිවාස මිලෙහි දරුණු කඩාවැටීමක් සිදුවී ඇති බව ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ සම්බන්ධ ප්‍රසිද්ධ ආයතනයක් සහ වෙබ් අඩවියක් වන Domain සඳහන් කරයි.
Australian Housing Market
Source: AAP

නිවාස මිල කැපී පෙනෙන ලෙස කඩා වැටුණු ඡන්ද බල ප්‍රදේශ

පසුගිය වසරේ ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළ මිල ගණන් සම්බන්ධ Domain විසින් සංවිධානය කළ සමීක්ෂණයේ ප්‍රතිඵල වලට අනුව කැපී පෙනෙන ලෙස නිවාස මිල කඩා වැටුණු ඡන්ද බල ප්‍රදේශ 20 ක් හඳුනාගෙන තිබේ.

එයින් 11 ක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට අයත් වන අතර 9 ක් වික්ටෝරියානු ප්‍රාන්තයට අයත් වීම සුවිශේෂී සිදුවීමකි.

මේ අතර ලිබරල් සන්ධානය බලය හොබවන ඡන්ද බල ප්‍රදේශ වල පිහිටි උප නගර වල නිවාස මිල කඩා වැටීමේ කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කරන බවද එම දත්ත විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන බව ඔවුන් වාර්තා කරයි.
එමෙන්ම දකුණු දිග මෙල්බර්න් කලාපයේ කම්කරු පක්ෂයේ බල කණුවක් වන Macnamara වලද පසුගිය වසරේ නිවාස මිල කඩා වැටීමේ කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

Macnamara යනු ආර්ථික වශයෙන් ඉතා ශක්තිමත් කලාපයක් වන අතර 2018 වන තෙක්ම එය හැඳින්වුයේ Melbourne Ports යන නමිනි.

Albert Park, Caulfield, South Melbourne සහ St Kilda යන උප නගර ද ඊට ඇතුළත් වේ.

එම කලාපයේ මධ්‍යන නිවාස මිල  $1,200,000 ක් පමණ වන අතර එහි පදිංචිකරුවන්ගේ සතියක සාමාන්‍ය ආදායම $1,866 ක් බව සඳහන්.
Australian Housing Market
Source: AAP

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පසුගිය වසර තුළ කැපී පෙනෙන ලෙස නිවාස මිල කඩා වැටුණු ඡන්ද බල ප්‍රදේශ පහත පරිදි වේ.
Australian Housing Market
Source: SBS Sinhala

READ MORE

වික්ටෝරියා ප්‍රාන්තය

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය වසර තුළ කැපී පෙනෙන ලෙස නිවාස මිල කඩා වැටුණු ඡන්ද බල ප්‍රදේශ පහත පරිදි වේ.
Australian Housing Market
Source: SBS Sinhala

ශක්තිමත් ආරථික නගර වල නිවාස මිල කඩාවැටීමට හේතු

ඔස්ට්‍රේලියාවේ ආර්ථික අතින් ශක්තිමත් නගර වල නිවාස මිල කඩාවැටීමට ප්‍රධාන හේතු දෙකක එකතුවක් බලපාන බව ආර්ථික විද්‍යාඥ Shane Oliver පවසයි.

එම කලාප වල ඉල්ලුමට වඩා apartments හෙවත් තට්ටු නිවාස වල සැපයීම අධික ලෙස ඉහළ යාම සහ එම ප්‍රදේශ සම්බන්ධ නිවාස ණය මුදලක් ලබාගැනීමට  ඇති අපහසුව එම සාධක ලෙස ඔහු පෙන්වා දෙයි.

නමුත් මෙම කලාප වල පසුගිය වසර 5 පුරාවටම ශක්තිමත් සහ ස්ථාවර නිවාස මිලක් පවත්වාගෙන පැමිණි බවද වාර්තා වේ.

මේ අතර පාරිභෝගික මිලදී ගැනීමේ හැකියාවට එහා ගිය මිල ගණන් බොහෝ නිවාස වලට යෙදීමෙන් පවා නිවාස වෙළෙඳ පොළ කඩා වැටීමේ තත්ත්වය තවත් වර්ධනය කිරීමට හේතුවූ බව ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති.
Australian Housing Market
Source: SBS Sinhala

Share
Published 23 May 2019 1:24pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service