ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය සහ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව වෙත සයිබර් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් ඇති බව හෙළිවෙයි (SBS සිංහල/වාර්තා)

ජාතික ආරක්ෂාව පිළිබඳ දත්ත, උපන්දින, බදු අංක, බැංකු ගිණුම් තොරතුරු, වමිතික දත්ත (biometric data) සහ රියදුරු බලපත්‍ර අංක යනාදී පුද්ගලික තොරතුරු පිළිබඳ මෙම ආයතන ද්විත්වයට වගකීමක් ඇති බව එම වාර්තාව අනතුරු අඟවයි.

ATO, Immigration Department told to bolster cyber security defences

Source: SBS

පසුගිය දිනවල සිදු කළ විගණනයකින් අනතුරුව ඔස්ට්‍රේලියාවේ බදු කාර්යාලය (ATO) සහ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව (DIBP) වෙත  සයිබර් ප්‍රහාර එල්ල වීමේ අවදානමක්  ඇති බව හෙළිවී තිබේ.

බාහිර පාර්ශවයකින් එල්ල වන සයිබර් ප්‍රහාරයකට මුහුණ දීමට තරම් ප්‍රමාණවත් ආරක්ෂාවක් මෙම ආයතන ද්විත්වය සතුව නොපවතින බව එම විගණනයෙන් අනාවරණය වී ඇති බව ABC මාධ්‍ය හෙළිකොට සිටී 

එනිසා මෙම ආයතන දෙකෙහි ඇති රහස්‍ය දත්ත සුරක්ෂිත කිරීම සඳහා ආරක්ෂාව දැඩි කරන මෙන් ඉල්ලීමක්ද සිදු කර ඇති බව වාර්තා වේ.

බාහිර ප්‍රහාර, අභ්‍යන්තර කඩාකප්පල්කාරී ක්‍රියා සහ අනුදැනුමකින් තොරව සිදු වන හෙළිදරව් වීම් පිළිබඳ 2014 වසරේදී ඔස්ට්‍රේලියාවේ මානව සේවා දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව තර කිරීමෙන් පසුව මෙම විගණනය පැමිණ තිබේ.

“සයිබර් ප්‍රහාරයකට ප්‍රතිරෝධය දැක්වීමේ ප්‍රගතිය අත් කර ගැනීමට නම් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය සහ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව ඔවුන්ගේ සයිබර් ආරක්ෂණ කටයුතු පිළිබඳ සැකැස්ම සහ පාලනය වැඩි දියුණු කර ගත යුතුයි.” විගණන වාර්තාව කියයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ දත්ත, උපන්දින, බදු අංක, බැංකු ගිණුම් තොරතුරු, වමිතික දත්ත (biometric data) සහ රියදුරු බලපත්‍ර අංක යනාදී පුද්ගලික තොරතුරු පිළිබඳ මෙම ආයතන ද්විත්වයට වගකීමක් ඇති බව එම වාර්තාව අනතුරු අඟවයි.

අභ්‍යන්තර මාර්ග මගින් තොරතුරු වලට සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියා සහ අනුදැනුමකින් තොරව සිදු වන හෙළිදරව් වීම් වළක්වාලීමට ATO සහ DIBP සතුව  ආරක්ෂණ පාලන මාර්ග ඇති බවද එම වාර්තාව පවසයි.

කෙසේවෙතත්, බාහිර පාර්ශවයකින් එල්ල වන සයිබර් ප්‍රහාරයකට එරෙහිවීමට තරම් ප්‍රමාණවත් ආරක්ෂාවක් එම ආයතන ද්විත්වය සතුව නොමැති බවද එය පෙන්වා දෙයි.

ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සේවකයින් 1400 කට අධික ප්‍රමාණයක් බලය නොලත් පරිගණක යෙදුම් (unauthorised applications) තම පරිගණක වලට ඇතුළත් කර භාවිතා කරන බවත් එමගින් තොරතුරු පිළිබඳ ආරක්ෂාව අවදානම් තත්ත්වයක තිබෙන බවත් විගණන වාර්තාව පවසයි.

එමෙන්ම මෙම ආයතන ද්විත්වයම සතුව කල් ඉකුත් වූ සහ සහය නොදක්වන මෘදුකාංග ඇති බවද එම වාර්තාව අනාවරණය කරයි.

වාර්තාවෙන් පෙන්වා දුන් අඩුලුහුඬුකම් සකසා ගැනීමට අමතර සම්පත් යොදවන බව විගණන වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ප්‍රකාශ කර තිබේ.

මෙම විගණන වාර්තාවේ නිර්දේශයන් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය සහ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව යන ආයතන ද්විත්වයම අනුමත කර ඇති බවද වාර්තා වේ.

Share
Published 15 March 2017 8:48pm
Updated 15 March 2017 10:39pm
By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service