ඔස්ට්‍රේලියාවේ Medicare පත් වල රහස්‍ය තොරතුරු සොරාගනී. (SBS සිංහල/වාර්තා)

Guardian Australia පුවත් සේවයට අනුව මෙම Medicare පත් වල තොරතුරු dark web ජාලය තුළ ඩොලර් 30 කටත් වඩා අඩු මුදලකට අලෙවි වේ.

Medicare

Source: AAP

ඔස්ට්‍රේලියාවේ Medicare පත් වල තොරතුරු dark web ජාලය තුළ අලෙවි කිරීමට තබා ඇති බව ට ඔස්ට්‍රේලියාවේ මානව සේවා කටයුතු පිළිබඳ අමාත්‍ය Alan Tudge දැනුම් දීමෙන් පසුව ඔස්ට්‍රේලියානු පොලීසිය ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීමට යයි.

Guardian Australia පුවත් සේවයට අනුව මෙම Medicare පත් වල තොරතුරු dark web ජාලය තුළ ඩොලර් 30 කටත් වඩා අඩු මුදලකට අලෙවි වේ.

ලෝකයේ මත් ද්‍රව්‍ය සහ ව්‍යාජ ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ද්‍රව්‍ය අලෙවි කිරීමේ සහ මිලදී ගැනීමේ වේදිකාවක් ලෙස මෙම dark web ජාලය ප්‍රසිද්ධව පවතී.

මෙම dark web හි ක්‍රියාකාරිත්වයට අන්තර්ජාලය උපයෝගී වන නමුත් එය කිසිදු සෙවුම් යන්ත්‍රයකින් (search engines) සෙවීමට නොහැකි බව පැවසේ.

මෙය භාවිතා කිරීමට Tor browser හරහා හැකියාවක් පවතින අතර එය භාවිතා කරන්නාගේ අනන්‍යතාව සඟවයි. මීට අමතරව මෙහි හුවමාරු වන මුදල් වර්ගය Bitcoin වන අතර එය අන්තර්ජාලයේ සූක්ෂම ලෙස සිදු වන රහස් සහ නීති විරෝධී මුදල් ඒකකයක් ලෙස ප්‍රසිද්ධය.

Guardian Australia පුවත් සේවයට අනුව එහි සේවකයෙකු තමන්ගේ නම සහ උපන්දිනය යොමු කරමින් අදාළ වෙබ් ජාලයෙන් තමන්ගේම Medicare දත්ත ඉල්ලුම් කළ විට ඔහුට තම Medicare අංකය ලැබී ඇත.

අදාළ තොරතුරු අලෙවි කරනු ලබන පාර්ශවයට සැලකිය යුතු තරමේ පුද්ගලික වෛද්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියාවක් නොමැති බවට තම කාර්යාලයට තොරතුරු ලැබී ඇතැයි මානව සේවා කටයුතු පිළිබඳ අමාත්‍ය Alan Tudge පවසයි.

Guardian Australia පුවත් සේවයට අනුව අදාළ අලෙවිකරු 2016 වසරේ ඔක්තෝබර් මාසයේ සිට Medicare පත් 75 ක පමණ තොරතුරු මෙසේ අලෙවි කර ඇත.

Medicare පත් වල තොරතුරු එම අලෙවිකරු ලබා ගත් ආකාරය මෙතෙක් පැහැදිලි නොවන නමුත් රජයේ දත්ත පද්ධතියේ ඇති අඩුපාඩුකම් හේතුවෙන් එම තොරතුරු ලබා ගැනීමට හැකිවූ බව අලෙවිකරු පවසා ඇති බව වාර්තා වේ.

සයිබර් මෙහෙයුම් පිළිබඳ තමන්ට අදහස් දැක්වීමට නොහැකි නමුත් මෙම dark web විමර්ශන නිරතුරුවම සිදු වන බව අමාත්‍ය Alan Tudge පවසයි.

පුද්ගලයන්ගේ රහස්‍ය දත්ත පිළිබඳ රජය විසින් අති විශේෂ බරපතල සැලකිල්ලක් දක්වන බව ඔස්ට්‍රේලියාවේ සහකාර භාණ්ඩාගාර අමාත්‍ය Michael Sukkar පැවසීය.

මෙම දත්ත, පත් නොවිය යුතු අතකට පත්වීම සිදු නොවිය යුතු බවත් මෙය බරපතල කරුණක්  බවත් ඔහු ඊයේ (04/07) Sky පුවත් සේවයට පැවසීය.

මෙවැනි දත්ත සොරා ගැනීම් දිගින් දිගටම සිදුවන බව පෙනී ගොස් ඇති බවත් මෙම දත්ත රැකගැනීමට රජය දැඩි පියවරක් ගත යුතු බවත් ඔහු පැහැදිලි කළේය.

මෙම රහස්‍ය Medicare දත්ත සොරා ගැනීම පිළිබද වාර්තාව දුටු විට මහජනතාව නොසන්සුන් සහ බිය වන බව තමා දන්නා බවත් රජයේ තොරතුරු පද්ධතිවල ආරක්ෂාව තර කිරීමට එම පද්ධති වහා යාවත් කාලීන කිරීමට අපේක්ෂා කරන  බවද සහකාර භාණ්ඩාගාර අමාත්‍ය Michael Sukkar පැවසීය.

Share
Published 5 July 2017 11:00am
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service