ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවශ්‍යද? එසේනම්, නවතම “රැකියා සීමා ලැයිස්තුව” පිළිබඳ දැනගන්න. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ නිපුණතා රැකියා ලයිස්තුවේ සඳහන් ඇතැම් රැකියා සඳහා වූ කෝටාව මේ වන විටත් සම්පූර්ණ වී ඇති අතර එය මීළඟ ආරාධනා වටයේදී (invitation round) නැවත විවෘත වනු ඇත.

The current occupation ceiling list

Source: SBS

ඔබ ඔස්ට්‍රේලියාව තුළ උසස් අධ්‍යාපනය හදාරා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරනවානම් ඔබ අනිවාර්යෙන්ම ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” පිළිබඳ දැන සිටිය යුතුය.

මෙය සෑම විටම යාවත් කාලීන වන අතර අදාළ මුල්‍ය වර්ෂය (ජූලි 01 සිට ඊළඟ වසරේ ජුනි 30 දක්වා) සඳහාවූ නිපුණතා රැකියා ලයිස්තුවේ සඳහන් එක් එක් රැකියා අංශය සඳහා තවත් කොපමණ සංඛ්‍යාවක පුරප්පාඩු තිබෙනවාද යන්න එමගින් ප්‍රදර්ශනය කරයි.

ඔස්ට්‍රේලියාවේ නිපුණතා රැකියා ලයිස්තුවේ සඳහන් ඇතැම් රැකියා සඳහා වූ කෝටාව මේ වන විටත් සම්පූර්ණ වී ඇති අතර එය මීළඟ ආරාධනා වටයේදී (invitation round) නැවත විවෘත වනු ඇත.

Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” යනු කුමක්ද?

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට SkillSelect ක්‍රියාවලිය හරහා සෑම වසරකම නිකුත් කරනු ලබන ආරාධනා පත්‍ර සංඛ්‍යාවෙහි සීමාව Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ලෙස හැඳින්වේ.

මෙම “රැකියා සීමා ලැයිස්තුව” පහත සඳහන් වීසා වර්ග සඳහා අදාළ වේ.

  • Skilled independent visas (189)
  • Skilled regional sponsored visas (489)
  • Skilled or business state or territory sponsored visas.
ඔබගේ රැකියාවට අදාළ කෝටාව පිරී ගිය පසුව එම වසර වෙනුවෙන් ඉහත වීසා සඳහා අයදුම් කිරීමට ඔබට ආරාධනාවක් නොලැබෙනු ඇත.

ආරාධනාවක් යනු කුමක්ද?

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණ වැඩසටහන හෙවත් “skilled migration program” යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය වෙනුවෙන් අදාළ වීසා  සඳහා අයදුම් කිරීමට ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපර්තමේන්තුව විසින් ලබා දෙන අවසරය, ආරාධනාවක් ලෙස හැඳින්වේ.

මෙම ආරාධනා නිකුත් කරනු ලබන්නේ SkillSelect ක්‍රියාවලිය හෙවත් ඔස්ට්‍රේලියාවේ online expression of interest පද්ධතිය හරහා පමණි.

අන්තර්ජාලය ඔස්සේ මෙම “රැකියා සීමා ලැයිස්තුව” ප්‍රකාශයට පත් කරන්නේ කවර කාලවලද?

ඔස්ට්‍රේලියාවේ මුල්‍ය වර්ෂයකදී ම සිදු කරනු ලබන සෑම ආරාධනා පත්‍ර නිකුත් කිරීමේ වටයකදීම මෙම “රැකියා සීමා ලැයිස්තුව” ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරයි.

රැකියා සීමා ලැයිස්තුවෙහි වත්මන් තත්ත්වය.

ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව අද (28/06) වන විට ඔස්ට්‍රේලියාවේ නිපුණතා රැකියා ලැයිස්තුවෙහි සඳහන් රැකියා වලට අදාළ පුරප්පාඩු (කෝටාවන්) රැගත් වත්මන් රැකියා සීමා ලැයිස්තුව හෙවත් The current occupation ceiling list පහත පරිදි වේ.
The current occupation ceiling list
Source: DIBP
The current occupation ceiling list
Source: DIBP
The current occupation ceiling list
Source: DIBP
The current occupation ceiling list
Source: DIBP
The current occupation ceiling list
Source: DIBP
ඉංග්‍රීසි භාෂාවෙන් මෙම ලිපිය කියවීමට ඔබට හැකිය.

-------------------------------------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

-------------------------------------------------------------------------------------------------------------------------------------

Share
Published 28 June 2017 10:14am
Updated 28 June 2017 12:40pm
By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service