නිපුණතා සංක්‍රමණික වීසා යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන ප්‍රධාන රටවල් 10 අතරින් ශ්‍රී ලංකාවට සිව්වන ස්ථානය. (SBS සිංහල/වාර්තා)

2011 -12 කාලයේදී නිපුණතා සංක්‍රමණික වීසා යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන ප්‍රධාන රටවල් 10 අතරින් ශ්‍රී ලංකාවට සිව්වන ස්ථානය හිමිව ඇත. එම ලයිස්තුවේ පළමු ස්ථානය ඉන්දියාවටද (25%), දෙවැනි ස්ථානය චීනයටද (16.4%) තෙවැනි ස්ථානය එක්සත් රාජධානියටද (13.4%) හිමිව ඇත.

skilled migration visas

Source: SBS

මෙතෙක් කලක් ඔස්ට්‍රේලියාවේ බහුතර සංක්‍රමණිකයින් සංඛ්‍යාවක් නියෝජනය කළ එක්සත් රාජධානිය අභිබවා යාමට ඉතිහාසයේ ප්‍රථම වතාවට 2010 – 2011 කාලයේදී චීනය සමත් වී ඇති බවද වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් ඔස්ට්‍රේලියාව තුළ පසුගිය වසරේ සිදු කළ ජන හා නිවාස සංගණනයේ නවතම ප්‍රතිඵල අනුව මෙම තොරතුරු අනාවරණය වී ඇති අතර එම දත්ත පසුගිය අඟහරුවාදා (27/06) නිකුත් විය.

ඒ අනුව එක්සත් රාජධානිය දෙවැනි තැනද ඉන්දියාව තෙවැනි තැනද ගෙන තිබේ.

මීට අමතරව 2011 -12 කාලයේදී නිපුණතා සංක්‍රමණික වීසා යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන ප්‍රධාන රටවල් 10 අතරින් ශ්‍රී ලංකාවට සිව්වන ස්ථානය හිමිව ඇත.

එම ලයිස්තුවේ පළමු ස්ථානය ඉන්දියාවටද (25%), දෙවැනි ස්ථානය චීනයටද (16.4%) තෙවැනි ස්ථානය එක්සත් රාජධානියටද (13.4%) හිමිව ඇත.
මැලේසියාව, දකුණු අප්‍රිකාව, පිලිපීනය, නේපාලය, ඉරානය සහ දකුණු කොරියාව ශ්‍රී ලංකාවට පසුව පිලිවෙලින් පස් වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා පත්ව ඇත.
නමුත් 2006 වසර කාලයේදී ඔස්ට්‍රේලියාවේ වැඩිම සරණාගතයින් සංඛ්‍යාවක් ඉපිද ඇත්තේ එක්සත් රාජධානියේ බවත් එය 23% ක ප්‍රතිශතයක් බවත් සඳහන්.

දෙවැනි තැන නවසීලන්තයට (10%) හිමිවූ අතර ඉතාලිය, චීනය සහ වියට්නාමය පිළිවෙලින් ඊළඟ ස්ථානවල පසුවිය.
මේ අතර පසුගිය වසර 5 තුළ ඔස්ට්‍රේලියාවේ සිටින සංක්‍රමණිකයින් ගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය ඊට පෙර වසර 5 ට සාපේක්ෂව 2% කින් පහත බැස ඇති බව 2016 වසරේ සිදු කළ නවතම ජන හා නිවාස සංගණනයේ ප්‍රතිඵල පෙන්වා දෙයි.
2011 දී ඔස්ට්‍රේලියාව තුළ වසර 5 ක් පුරාවට විසූ සංක්‍රමණිකයින් ගෙන් 8% ක ප්‍රමාණයකට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට අපහසු හෝ නොහැකි වී තිබූ බව වාර්තා වේ.

නමුත් 2016 වසරේදී එම ප්‍රමාණය 1.8% කින් ඉහළ ගොස් ඇත.

ඒ අනුව 2011 වසරේ සිට මේ තාක් ඔස්ට්‍රේලියාවට පැමිණ වසර 5 කට වැඩි කාලයක් වෙසෙන සංක්‍රමණිකයින් ගෙන් 9.8% කට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට අපහසු හෝ නොහැකි වී තිබේ.

ඔස්ට්‍රේලියාව පෙරදාට වඩා සංක්‍රමණිකයින් මෙරටට ගෙන්වා ගැනීමක් සිදු වනවා මෙන්ම එසේ පැමිණෙන සංක්‍රමණිකයින් ගෙන් බහුතරය චීනය සහ ඉන්දියාව වැනි රටවලින් පැමිණෙන බව සිඩ්නි විශ්ව විද්‍යාලයේ සංක්‍රමණය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආචාර්ය Anna Boucher පවසයි.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමනිකයින්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට අසමත් වන හේතුව ආචාර්ය Anna Boucher මෙසේ පැහැදිලි කරයි.
“ඔස්ට්‍රේලියාවට නිපුණතා සංක්‍රමණය ඔස්සේ පැමිණෙන සංක්‍රමණිකයින් ගේ ඉංග්‍රීසි ඉහළ මට්ටමක පැවතුණත් ඔවුන් සමග පැමිණෙන පවුලේ උදවියගේ ඉංග්‍රීසි තත්ත්වය ඉතා දුර්වල මට්ටමක පැවතීම මීට හේතුවයි.”
නමුත් ඔවුන් මෙරටට පැමිණීමට පෙර ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂාවේ තත්ත්වය මැන බලන පරීක්ෂණයකට පෙනී සිටීමට ඉඩ සැලසු විට ඔවුන් ඒ සඳහා හොඳින් සූදානම් වී හොඳ මට්ටමකට පැමිණෙනු ඇති බවද ඇය පැවසුවාය.

මානුෂීය හේතු මත සරණාගත පදනමින් ඔස්ට්‍රේලියාවට ලබා ගන්නා පිරිසෙහි ක්‍රමික වර්ධනයක් සිදුවී ඇති බවද ආචාර්ය Anna Boucher පෙන්වා දෙයි.

ඒඅනුව 2006-2007 කාලයේදී 13,017 ක්ද 2015-2016 දී 17,555 ක්ද 2015-2016 වන විට 182,165 ක් අයුරින් සරණාගත පදනම මත ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් ගෙන්වා ගෙන ඇත.

මේ අතර සංක්‍රමණික ප්‍රජාවගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය පහළ යාමට තවත් එක් හේතුවක් ලෙස ඔවුන්ගේ පවුල් නැවත ඔස්ට්‍රේලියාව තුළ එක්වීම හැඳින්විය හැකි බව මෙල්බන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය John Hajek, SBS පුවත් වෙත පැවසීය.


Share
Published 30 June 2017 12:22am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service