ඔස්ට්‍රේලියාවේ අභිමානය කියාපාන සිඩ්නි නුවර වරාය පාලම 85 වන උපන්දිනය සමරයි. (SBS සිංහල/වාර්තා)

මෙම සුවිසල් නිර්මාණය ඉදි කිරීම සඳහා කම්කරුවන් 1400 කගේ ශ්‍රමය යොදාගෙන ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු සඳහා සතියකට ගෙවා ඇත්තේ පවුම් 4 ක් වැනි මුදලකි.

Sydney Harbour Bridge celebrates 85th birthday

Source: www.livonne.com.au

ඔස්ට්‍රේලියාව පිළිබඳ කතා බහ කරන විට ලොව කා හටත් ප්‍රථමයෙන්ම සිහියට නැගෙනුයේ සිඩ්නි ඔපෙරා හවුස් ගොඩනැගිල්ල වන අතර ඉන් අනතුරුව සිඩිනි වරායේ දැවැන්ත යකඩ පාලම සිහියට පැමිණෙයි.

ඔස්ට්‍රේලියාවේ අද්විතීය සළකුණක් ලෙස සළකනු ලබන සිඩිනි වරායේ මෙම දැවැන්ත යකඩ පාලම අද (19/03) සිය 85 වන උපන්දිනය සමරයි.

Coat hanger, a symphony of steel, the arch that closed the sky සහ humpback whale නමැති අන්වර්ථ ඉංග්‍රීසි නාමයන්ගෙන් හඳුන්වන මෙම පාලම “අපගේ කාලයේ පුදුම නිර්මාණ අතරින් එකකි.” යනුවෙන් බ්‍රිතාන්‍ය රැජිනගේ මව මෙය හඳුන්වා ඇත.

මෙම සුවිසල් නිර්මාණය ඉදි කිරීම සඳහා කම්කරුවන් 1400 කගේ ශ්‍රමය යොදාගෙන ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු සඳහා සතියකට ගෙවා ඇත්තේ පවුම් 4 ක් වැනි මුදලකි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දකුණු වෙරළ ආශ්‍රිත නගරයක් වන Moruya නගරයේ පවුල් 200 කට අධික ප්‍රමාණයකට පාලමේ අට්ටාල සඳහා ග්‍රැනයිට් සැපයූ ගල් කොරි වල සේවය කළ නිසා යහමින් ආදායමක් හිමි විය.

රටේ අනෙක් වැසියන් ඉතා අසීරුවෙන් දිවි ගෙවූ බව සඳහන් වන අතර පාලමේ සේවය කළ සේවකයින් පැවසුවේ එම ඉදිකිරීම හේතුවෙන් ඔවුන් වාසනාවන්ත බවය.

එකළ සේවා පරිසරය දැඩි රළු බවක් ගත් අතර එතරම් පහසුකම් ද නොතිබූ බව පාලමේ ඉදකිරීම් කම්කරුවෙකු ලෙස සේවය කළ Pat Crawley පැවසුවේය.

සිඩ්නි වරාය පාලමේ සේවය කළ සේවකයින්ගෙන් සම්මුඛ සාකච්ඡා ලබාගත් සිය ගණනක් දෙනා අතරන් Pat Crawley එක් අයෙකු වන අතර මෙවර පාලමේ 85 වන උපන්දිනය හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පුස්තකාලය එම හඬ පටය නිකුත් කර ඇත.

සිඩ්නි වරාය පාලමේ ඉදිකිරීම් සම්බන්ධව පැය 13,000 ක ඩිජිටල් හඬ පට තිබෙන අතර පාලමේ ඉදිකරීම් සහ විවෘත කිරීමේ උත්සවය ඇතුළත් වීඩියෝ දර්ශනද සහිතව නව online ප්‍රදර්ශනයක් ද  ඔස්ට්‍රේලියාවේ ජාතික චිත්‍රපට හා ශබ්ද සංරක්ෂණ ආයතනය විසින් මුදා හැර තිබේ.

ඉදිකිරීම් අතරතුරේ හදිසි අනතුරු

සිඩ්නි වරාය පාලම නිල වශයෙන් විවෘත කර ඇත්තේ 1932 වසරේ මාර්තු මස 19 වන දිනය.

නමුත් මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද්දේ 1923 වසරේදීය.

“1815 වසරේදී Francis Greenway නැමැත්තා පැවසුවා සිඩ්නි වරාය හරහා ගමන් කිරීමට යමක් ඉදි කළොත් හොඳයි කියලා. නමුත් එය කුමන අයුරින් නිර්මාණය කරනවාද, එයට ප්‍රතිපාදන සපයන්නේ කවුරුන්ද, එය පාලමක්ද නැතහොත් උමගක්ද යනාදිය සාකච්ඡා කර එකඟත්වයකට පැමිණීමට අවුරුදු 100ක් පමණ ගතවුණා.” නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පුස්තකාලයේ පාලක Anni Turnbull පැවසුවාය.

පාලමේ ඉදිකිරීම් ඇරඹුණ ද සේවකයින්ගේ සෞඛ්‍ය හා රැකවරණ තත්ත්වය අද වැනි මට්ටමක නොතිබිණි.

පාලමෙන් වැටී කම්කරුවන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් දෙදෙනකු Moruya ගල් කොරියේදී ජීවිතක්ෂයට පත් විය.

ඇතැම් කම්කරුවන් ප්‍රකාශ කරන පරිදි පාලමේ ආරුක්කු අතර ගමන් කිරීමට ඉනිමං හෝ ක්‍රේන් ආධාරයෙන් ඉහළට නගින ආධුනිකයින් යොදා ගෙන ඇත.

ඉදිකිරීම් භූමියෙන් පිටත සිදුවූ හදිසි අනතුරක් පිළිබඳ Milson's Point වැඩබිමේ rivet catcher වරයෙකු ලෙස සේවය කරන Harry Vasiere මෙසේ සඳහන් කළේය.

“පාලමේ බාල්ක දෙකක් අතර ඔවුන් රතු පාට තීන්ත ආලේප කරමින් සිටියා. එක් හාදයෙක් තීන්ත බාල්දිය අනෙක් කෙනාට දෙනකොට හැඩලය කැඩිලා සම්පූර්ණ තීන්ත ටිකම මගේ ඇඟට වැටුණා. මම ගෙදර යනකොට මගේ මුළු ඇඟම රතු පාටයි. මගේ බිරිඳ හිතුවේ මට බරපතල අනතුරක් වෙලා කියලා.”

සිඩ්නි වරාය පාලම ඉදිකිරීමට දායකවුවන්ගේ සම්මුඛ සාකච්ඡා හඬ පට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පුස්තකාලයේ Bridge Builders එකතුවෙන් ශ්‍රවනය කිරීමට ඔබටද අවස්ථාව ඇත.

Share
Published 19 March 2017 11:14pm
Updated 19 March 2017 11:17pm
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service